මහා වැලි මහා සෑය තුන්වන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබද සාකච්ඡාව

 දිවංගත නායක ගරු ගාමිණි දිසානායක මැතිදුන්ගේ සංකල්පයක් මත ඉදිකිරීම් අාරම්භ කළ මහවැලි මහා සෑය වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධිනීතීඥ නවින් දිසානායක මැතිතුමාගේ අප්‍රතිහත ධෙෙර්‍යයෙන් ඉදිකිරීම් අවසන් කර ශාසනය වෙත පූජා කළද මේ වන විට අතිමහත් බැතිමතුන් පිරිසක් මේ විශ්වකර්ම වූත් පුජනීය වූත් ස්ථානය වන්දනාකිරීමට පැමිණීම හේතුවෙන් ඔවුනට පහසුකම් සැළසීම පිණිස වැසිකිළි කැසිකිළි පහසුකම්, වාහන අංගනයක්, කුඩා කෙෘතුකාගාරයක් වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධිනීතීඥ නවින් දිසානායක මැතිතුමාගේ ඉල්ලීම පරිදි මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ලබා දීමට කටයුතු කරන අතර ඒ් සදහා වූ සාකච්ඡාව පසුගිය දා මහවැලි මහා සෑ පරිශ්‍රයේදී සිදුකරන ලදි. 






Comments